මාකුඹුර - කොළඹ සහ කඩවත මෙට්‍රෝ බස් සේවාවට අලුතින්ම නැවතුම්පොළවල් 8ක් එක් කෙරේ!
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල දිනපතා ගමන් කරන රැකියා නියුක්තිකයින් සහ මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් "ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්" (Lanka Metro Transit) ආයතනය විසින් විශේෂ පියවරක් ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන මෙට්‍රෝ බස් සේවාවන් ක්‍රියාත්මක වන මාර්ග ද්විත්වයකට අලුතින්ම බස් නැවතුම්පොළවල් 8ක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම නව සංශෝධනය ජුනි 05 වන බ්‍රහස්පතින්දා සිටම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නංවා ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ. මගී ජනතාවට වඩාත් පහසුවෙන් සහ කඩිනමින් තමන්ගේ ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව අලුතින්ම එකතු වූ බස් නැවතුම්පොළවල් මෙන්න:
1. මාකුඹුර - කොළඹ මාර්ගය (Makumbura - Colombo):
කලාල්ගොඩ හන්දිය (Kalalgoda Junction)
නයිටා ආයතනය - රාජගිරිය (NAITA - Rajagiriya)
ආයුර්වේද හන්දිය (Ayurveda Junction)
හෙජස් කෝට් (Hedges Court)
2. මාකුඹුර - කඩවත මාර්ගය (Makumbura - Kadawatha):
දෙල්කඳ (Delkanda)
ඔරියන් සිටි - දෙමටගොඩ (Orion City - Dematagoda)
තොරණ හන්දිය (Thorana Junction)
මහර හන්දිය (Mahara Junction)
කාර්යාල සේවකයින්, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු දිනපතා අධ්‍යාපන හා වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය වැඩිදුරටත් පවසනවා. මේ හරහා ප්‍රධාන නාගරික කලාප අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
