අද සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සු නිතරම ඉන්නේ දැඩි ආතතියකින්, කේන්තියකින් සහ කලකිරීමකින්. පොඩි දේටත් රණ්ඩු වෙන, කාත් කවුරුත් නැහැ වගේ දැනෙන හුදකලා හැඟීමකින් පෙළෙන මිනිස්සු අපිට ඕනෑතරම් පාරේ තොටේදී මුණගැහෙනවා. බාහිරින් මොනතරම් සල්ලි බාගේ, යාන වාහන තිබුණත් හිත ඇතුළෙන් මෙන්න මේ කියන පාලු ස්වභාවයෙන් ඔබත් පීඩා විඳිනවාද?
මනෝවිද්‍යාඥයින් පවසන අන්දමට මේ සියලුම මානසික ගැටලුවලට ප්‍රධානතම හේතුවක් තිබෙනවා. ඒ තමයි ඔබේ සිත ඇතුළේ තිබෙන "ආදර තටාකය" (Love Tank) හිස් වී පැවතීම!
ලෝකප්‍රකට මනෝවිද්‍යාඥයෙකු වන ජෝන් ග්‍රේ (John Gray) විසින් හඳුන්වා දුන්, ලංකාවේ ප්‍රකට මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා විසින් මනාව විග්‍රහ කරන මෙම "ආදර තටාක න්‍යාය" (Love Tank Theory) පිළිබඳවයි අද අපි මේ ලිපියෙන් සරලව සාකච්ඡා කරන්නේ. ඔබ මෙතෙක් කල් ජීවිතයේ නොදුටු පැත්තක් ආලෝකමත් කරගන්නට මෙම ලිපිය අවසානය දක්වාම කියවන්න.
මොකක්ද මේ "ආදර තටාකය" (Love Tank)?
මනෝවිද්‍යාවේදී මිනිස් සිතක් ක්‍රියා කරන්නේ හරියට වාහනයක තෙල් ටැංකියක් වගේ කියලයි හඳුන්වන්නේ. වාහනයක් ඉදිරියට ධාවනය වෙන්න නම් තෙල් ටැංකිය පිරිලා තිබෙන්නට ඕනේ. අන්න ඒ වගේම, මිනිසෙකුට සතුටින්, සාමකාමීව සහ නිරෝගී පෞරුෂයකින් යුතුව ජීවත් වෙන්න නම් ඔහුගේ සිත ඇතුළේ තිබෙන "ආදර තටාකය" නිරන්තරයෙන්ම ආදරයෙන් පිරිලා තිබෙන්නට අවශ්‍යයි
මනෝවිද්‍යාඥයින් මේ ආදරය හඳුන්වන්නේ මිනිස් සිතට අත්‍යවශ්‍යම වන "ආදර විටමිනය" (Love Vitamin) විදිහටයි. අපේ ශරීරයට විටමින් අඩු වුණාම ලෙඩ රෝග හැදෙනවා වගේම, සිතට මේ ආදර විටමිනය නිසි පරිදි නොලැබුණොත් මිනිසා "මානසික මන්දපෝෂණයට" ලක් වෙනවා
ආදර තටාකය හිස් වුණාම මොකද වෙන්නේ?
යම් පුද්ගලයෙකුගේ ආදර තටාකය නිසි පරිදි නොපිරී, එහි විශාල හිස්බවක් ඇති වූ විට ඔවුන්ගේ සිත ඇතුළතින් ඉතාම අසහනකාරී, නොසන්සුන් සහ උකටලී ස්වභාවයක් මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට:
සිත තුළ නිතරම කේන්තිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වෛරය වැනි අහිතකර සිතුවිලි රජ කරන්න පටන් ගන්නවා.
"මට කවුරුත් ආදරේ නැහැ, මාව කාටවත් වැඩක් නැහැ, හැමෝම මට බණිනවා" වැනි දැඩි කලකිරීම් සහගත සිතුවිලි ඇති වෙනවා.
සිත තුළ නිතරම කේන්තිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වෛරය වැනි අහිතකර සිතුවිලි රජ කරන්න පටන් ගන්නවා.
"මට කවුරුත් ආදරේ නැහැ, මාව කාටවත් වැඩක් නැහැ, හැමෝම මට බණිනවා" වැනි දැඩි කලකිරීම් සහගත සිතුවිලි ඇති වෙනවා.
විවාහ ජීවිතයේදී සහ පවුලේ සබඳතාවලදී නිතරම අනෙකාගේ වැරදි විතරක් දකින්නට පෙළඹෙනවා.
ඔබේ නිවසේ බිත්ති පුපුරා යන්නේ බිත්තිවල වරදක් නිසා නොව, එහි අත්තිවාරමේ තිබෙන දුර්වලකමක් නිසයි. අන්න ඒ වගේම, ජීවිතයේ මතුපිටින් පෙනෙන ප්‍රශ්නවලට සැබෑම හේතුව තිබෙන්නේ සිතේ අත්තිවාරම වන "ආදරය" නිසි පරිදි නොලැබී යාම තුළයි.
උපතේ සිට මරණය දක්වා අපේ ආදර තටාකය පිරෙන්නේ කොහොමද ?
මනෝවිද්‍යාත්මක වර්ගීකරණයන්ට අනුව මිනිසෙකුගේ මුල් ජීවිත කාලය ඇතුළත මේ ආදර තටාකය පිරීම සඳහා විවිධ අවධීන් බලපානවා:
පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා (G1 අවධිය):
මවගේ කුස තුළ සිටින අවධියේදීම දරුවාට ආධ්‍යාත්මික ආදරය සහ සුරක්ෂිතභාවය අවශ්‍යයි. ගැබිණි මවක් සතුටින්, සැහැල්ලුවෙන් සහ භාවනානුයෝගීව සිටීම දරුවාගේ ආදර තටාකයේ මුල්ම පදනමයි.
උපතේ සිට වයස අවුරුදු 7 දක්වා (P1 අවධිය):
මෙහිදී දරුවාට මව්පියන්ගෙන් ලැබෙන සෘජු ආදරය (Parental Love) අත්‍යවශ්‍යම වෙනවා. බිළිඳු වියේදී ආදරය අහිමි වීම පසුකාලීන පෞරුෂය මුළුමනින්ම අවුල් කිරීමට හේතු විය හැක.වයස අවුරුදු 7 සිට 14 දක්වා (F1 අවධිය):
පවුලේ සාමාජිකයින්ගෙන් සහ තමන්ගේ සමීපතම මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය හා විනෝදය (Family & Friends Love) මේ කාලයේදී ආදර තටාකය පුරවනවා.වයස අවුරුදු 14 සිට 21 දක්වා (P2 අවධිය):
සමවයස් කණ්ඩායම්, නැතහොත් තමන්ගේ යාළුවන් අතරින් ලැබෙන පිළිගැනීම සහ ආදරය (Peer Group Love) මේ අවධියේදී ප්‍රධාන වෙනවා.වයස අවුරුදු 21 සිට 28 දක්වා (S අවධිය):
තමන් තමන්ටම ආදරය කිරීමට ඉගෙන ගන්නා, ස්වයං අවබෝධය ලබන අවධියයි (Self Love).වයස අවුරුදු 28 සිට 35 දක්වා (R අවධිය):
සබඳතා හා ප්‍රේමණීය බව (Relationship and Romance Love තුලින් ලබන ආදරයවයස අවුරුදු 35 සිට 42 දක්වා (D අවධිය):
තම යැපෙන්නන්ට ආදරය කිරීම (Love Dependent ) ආදර තටාකය පුරවනවා.
වයස අවුරුදු 42 සිට 49 දක්වා (C අවධිය):
ප්‍රජා සේවයට කැපවීම (Serving to the Community ) තුලින් ආදරය කිරීම තුලින් ආදර තටාකය පුරවනවා.
වයස අවුරුදු 49 සිට 56 දක්වා (W අවධිය):
ජාතික සංවර්ධනයට දායකත්වය (Serving to the World) තුලින් ආදර තටාකය පුරවනවා
වයස අවුරුදු 56 පසු (G2 අවධිය):
ආධ්‍යාත්මික සංවර්ධනය තුලින් ආදරය ආදර තටාකය පුරවනවා
හරි එතකොට දැන් කොහොමද හිස් වූ තටාකය යළි පුරවා ගන්නේ ?
ඔබේ කුඩා කාලයේදී හෝ අතීතයේදී ඔබට නිසි පරිදි ආදරය නොලැබී යාම නිසා ආදර තටාකය හිස් වී තිබේනම් අද ඔබේ ජීවිතය අවුල් සහගත වී ඇති බව දැනෙනවා නම්, එයින් සැලෙන්නට අවශ්‍ය නැහැ. වර්තමානයේ ජීවත් වන ඔබට මනෝවිද්‍යාත්මක උපදේශනය, සරල හුස්ම ගැනීමේ ව්‍යායාම, යෝගා සහ නිවැරදි භාවනා ක්‍රම (Mindfulness & Meditation) හා අන් අයට උදව් උපකාර කරමින් කාරුණිකව ජීවත් වීම මඟින් හා සිත සන්සුන් කරගනිමින් ස්වයං ධනාත්මක සිතුවිලිවලින් පුරවා ගැනීම තුලින් ඔබගේ අභ්‍යන්තරයේ පවතින සැබෑ සතුටේ හා ආදරයේ මුල උල්පත සොයා ගැනීමට හා හිස්වු ආදර තටාකය යලි පුරවා ගැනීමට අවස්තාව තවමත් ඔබට තිබෙනවා.
මෙලෙස සිත ඇතුළතින් ආදරයෙන් පිරී ඉතිරී යන විට, මිනිසා තුළ තිබෙන සැඟවුණු ආධ්‍යාත්මික ශක්තීන් යළි පිබිදී, ජීවිතය සැබවින්ම ප්‍රීතිමත් එකක් බවට පත් වෙනවා.
තොරතුරු මූලාශ්‍රය (Credits):
මෙම ලිපිය සකස් කිරීම සඳහා ප්‍රකට මනෝවිද්‍යා උපදේශක, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා විසින් රචිත "Love Tank Theory (ආදර තටාක න්‍යාය) - ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට" යන මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයේ අන්තර්ගත වටිනා කරුණු ඇසුරු කරගන්නා ලදී.
ඔබ දන්නා මිතුරන් අතරත් මේ දවස්වල දැඩි මානසික පීඩනයෙන් හෝ අසහනයෙන් පෙළෙන කෙනෙකු සිටී නම්, ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන්නට මේ වටිනා මනෝවිද්‍යාත්මක රහස පහත බටන්ස් හරහා ඔවුන් සමඟ අනිවාර්යයෙන්ම Share කරන්න!
මෙම ලිපිය ඔබේ මිතුරන් අතර Share කරන්න:

