වයස 80ක ට්බෙට් ලාමාවරුන් අවුරුදු 30ක තරුණයන් වගේ කදු නගින්න රහසිගතව පුහුනු කරන ව්‍යායාම 6 මෙන්න!

 

Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"


ලෝකයේ කොතැනක ජීවත් වුණත් වයසට යන එක නවත්තගන්න, නිරෝගීව ඉන්න මිනිස්සු අද වෙනකොට ලක්ෂ ගණනින් සල්ලි වියදම් කරනවා. නමුත් මීට වසර දහස් ගණනකට පෙර හිමාලයේ අතිශය දුෂ්කර ආශ්‍රමවල ජීවත් වුණු ටිබෙට් ලාමාවරුන් (Tibetan Monks) වයස අවුරුදු 80ක් 90ක් වුණත් කිසිදු ලෙඩක් නැතිව තරුණයන් වගේ නිරෝගීව, අසිරිමත් ජවයකින් ඉන්න පාවිච්චි කරපු අපූරු රහසක් තියෙනවා. ඒ තමයි "The 5 Tibetan Rites" එහෙමත් නැත්නම් "ටිබෙට් පුනර්ජීවන ව්‍යායාම".

ව්‍යායාම කිව්වම එකිනෙකා අනුගමනය කරන්නේ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන්ය. ඇතැමුන් වෙරළක හෝ මඟ තොටක ඉතා සෙමින් ඇවිදින අතර, තවත් පිරිසක් වේගයෙන් ඇවිදීමට හෝ දිවීමට පෙළඹෙති. මේ අතරින් වඩාත්ම යෝග්‍ය සහ ඵලදායී ක්‍රමය කුමක්දැයි වටහා ගැනීම වැදගත්ය.

ව්‍යායාමයක නිරත වීමට ප්‍රථම, ඔබ එය කරන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්න පැහැදිලිව හඳුනාගත යුතුය. මිනිසුන් ව්‍යායාම කිරීමට පෙළඹෙන පොදු අරමුණු කිහිපයක් පහත දැක්වේ:

  • ශරීරයේ බර අඩු කර ගැනීම සහ අනවශ්‍ය මේදය දහනය කිරීම.
  • කායික හැඩය මෙන්ම මස්පිඩු වර්ධනය කර ගැනීම.
  • හෘද රෝග ඇතුළු විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම.
  • කායික හා මානසික සුවතාවය ඉහළ නැංවීම.

ඔබට අවශ්‍ය කුමන ප්‍රතිඵලයක්ද යන්න තීරණය කර, ඒ සඳහා වඩාත්ම ගැළපෙන ක්‍රියාකාරකම් සමූහය තෝරා ගැනීම සාර්ථක ව්‍යායාම රටාවක පදනම වේ.

ශාරීරික යෝග්‍යතාවය සහ සෞඛ්‍යය

යෝග්‍යතාවය (Fitness) යනු යම් පුද්ගලයෙකුට තමාට අවශ්‍ය කාර්යයක් සාර්ථකව සිදු කිරීමට ශරීරය සතු වන්නා වූ හැකියාවයි. ක්‍රිකට්, පාපන්දු, රග්බි හෝ මලල ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රීඩාවේ උපරිම දක්ෂතා දැක්වීම සඳහා විශේෂිත වූ ව්‍යායාම වැඩසටහන් අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ව්‍යායාම කිරීමේදී තමන්ගේ සීමාවන් හඳුනා නොගෙන පමණ ඉක්මවා කටයුතු කිරීම අනතුරුදායක විය හැකිය. උදාහරණයක් ලෙස, 1970 දශකයේ දිවීම ජනප්‍රිය කිරීමට මූලික වූ සුප්‍රසිද්ධ ලේඛකයෙකු වූ ජිම් ෆික්ස් (Jim Fixx) වැනි අය පවා අධික ලෙස දිවීමේ නිරත වීමෙන් පසු හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්හ. එමෙන්ම, නිසි ක්‍රමවේදයකින් තොරව දිවීමේ නිරත වන බොහෝ දෙනෙකු විවිධ ශාරීරික ආබාධවලට ලක්වන බව සමීක්ෂණ මඟින් හෙළි වී ඇත.

පරීක්ශන පෙන්වා දෙන්නේ දිනකට විනාඩි 20-30ක් පමණ සතියකට දින පහක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීම, අධික ලෙස වෙහෙස වී දිවීමට වඩා හෘදයාබාධ වැළැක්වීමට සහ දිගුකල් ජීවත් වීමට බෙහෙවින් උපකාරී වන බවයි.

එදිනෙදා ක්‍රියාකාරකම් තුළින් ශක්තිය දහනය කිරීම ව්‍යායාම සඳහා වෙනම කාලයක් වෙන් කිරීමට අපහසු නම්, එදිනෙදා නිවසේදී සිදුකරන සාමාන්‍ය වැඩකටයුතු මඟින්ද ශරීරයේ ශක්තිය (Energy) ක්‍රමවත්ව දහනය කරගත හැකිය.

නිවස පිරිසිදු කිරීම සහ අස්පස් කිරීම විනාඩි 40/ විනාඩි 30ක් ඇවිදීම/ වත්තේ තණකොළ කැපීම විනාඩි 30/ විනාඩි 20ක් පාපන්දු ක්‍රීඩා කිරීම/ පොළොව කෙටීම හෝ ගෙවතු වගාව විනාඩි 15/ විනාඩි 15ක් පිහිනීම. යම් දිනක ඔබට ඇවිදීමට හෝ ක්‍රීඩාවක නිරත වීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව ලතැවිය යුතු නැත. එදිනෙදා ගෙදර දොරේ වැඩකටයුතු ද ශරීරයට මනා ව්‍යායාමයක් සපයයි.


කායික හා මානසික සුවය සඳහා සුවිශේෂී ව්‍යායාම පහක්

ටිබෙට් රටේ ලාමාවරුන් ඇසුරින් අනාවරණය කරගත්, ශරීරය පුනර්ජීවනය කරන සහ වයසට යෑම පාලනය කරන සුවිශේෂී සරල ව්‍යායාම පහ (Five Tibetan Rites) ගැන හා මෙමගින් අපේ ශරීරයේ කායික හා මානසික සබඳතාවය ශක්තිමත් වන  ආකාරය අප දැන් සාකච්ජා කරමු

ටිබෙට් ව්‍යායාම පිටුපස ඇති විද්‍යාත්මක හා ආධ්‍යාත්මික සත්‍යය

අපේ සිරුරේ ප්‍රධාන ශක්ති කේන්ද්‍රයන් හෙවත් වෝටෙක්ස් (Vortex/Chakras) 7ක් පවතිනවා. මෙම ශක්ති කේන්ද්‍රයන් නිරෝගී සිරුරක ඉතාමත් වේගයෙන් කැරකෙනවා. ටිබෙට් සම්ප්‍රදායට අනුව වයසට යාම, ලෙඩ රෝග හැදීම සහ ශරීරය වැහැරී යාම සිදුවන්නේ මේ ශක්ති කේන්ද්‍රවල කැරකීමේ වේගය අඩාල වීම නිසයි. මේ ව්‍යායාම මඟින් සිදු කරන්නේ අක්‍රිය වූ චක්‍ර නැවතත් උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරවීමයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නවතම පර්යේෂණවලින් (Endocrine & Cellular Aging Studies) හෙළි වී ඇත්තේ, මේ ව්‍යායාම මාලාව මඟින් මිනිස් සිරුරේ ප්‍රධාන හෝමෝන නිපදවන ග්‍රන්ථි පද්ධතිය (Thyroid, Adrenal, Pineal, and Gonads) උපරිම ලෙස උත්තේජනය වන බවයි. එමඟින් තරුණ බව රැක දෙන හෝමෝන ස්වාභාවිකවම ශ්‍රාවය වන අතර, සෛල මියයාමේ වේගය (Cellular Aging) සෘජුවම පාලනය කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අලුත්වැඩියා කරනවා.

මෙම සුවිශේෂී ව්‍යායාම රටාව ප්‍රගුණ කිරීම සඳහා වැදගත් වන මූලධර්ම කිහිපයක් මෙසේය:

ක්‍රමානුකූල ආරම්භය: පළමු සතියේදී එක් ව්‍යායාමයක් 3 බැගින් පමණක් සිදු කරන්න. පසුව සෑම සතියකම එය 2 බැගින් වැඩි කරමින්, උපරිම වශයෙන් එක් ව්‍යායාමයක් 21 වතාවක් දක්වා පමණක් සිදු කිරීමට හුරු වන්න. (21 සීමාව ඉක්මවා නොයන්න).

නිරන්තර පුහුණුව: උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දිනපතා මෙම ව්‍යායාම පහේ නිරත වීම වැදගත්ය. එක් දිනක් මඟ හැරුණහොත්, එය ව්‍යායාම රටාවේ අඛණ්ඩතාවයට බාධාවක් වේ.

සුදුසු වේලාව: උදෑසන හෝ සවස මේ සඳහා තෝරා ගත හැකිය. උදෑසන කාලය වඩාත් යෝග්‍ය වන අතර, රාත්‍රී නින්දට පෙර මෙය කිරීමෙන් ශරීරය උත්තේජනය වී නින්දට බාධා විය හැකිය.

ශ්වසන පාලනය: සෑම චලනයක් සමඟම සන්සුන්ව සහ ගැඹුරින් හුස්ම ගැනීම සහ පිට කිරීම සිදු කළ යුතුය. ව්‍යායාම අතරතුර හුස්ම රඳවා තබා ගැනීමෙන් වළකින්න.

නම්‍යශීලී බව: ව්‍යායාම කිරීමේදී ශරීරයට දැඩි ලෙස බලපෑම් නොකරන්න. ඔබේ ශරීරයට ඔරොත්තු දෙන ප්‍රමාණයට පමණක් නැමීම් සහ චලනයන් සිදු කරන්න. කාලයත් සමඟ ශරීරයේ නම්‍යශීලී බව ඉබේම වර්ධනය වනු ඇත.


ටිබෙට් පුනර්ජීවන ව්‍යායාම 5 පියවරෙන් පියවර (Step-by-Step Guide)

ව්‍යායාමය 01: ශක්ති කැරකීම (The Spin)

Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"


කරන ආකාරය: දෙපා මඳක් ඈත් කර කෙළින් සිටගන්න. දෑත් දෙපසට උරහිස් මට්ටමට කෙළින්ම දිගු කරන්න. දැන් දක්ෂිණාවර්තව (Clockwise - ඔරලෝසු කටු කැරකෙන පැත්තට) වට කිහිපයක් එක දිගට කැරකෙන්න.


ප්‍රතිඵලය: මෙයින් ශරීරයේ සමබරතාවය වැඩි වන අතර මොළයේ සෛල අවදි කර, ශක්ති කේන්ද්‍රවල වේගය ක්ෂණිකව වැඩි කරයි. කැරකී අවසන් වූ පසු ක්ලාන්ත ගතියක් දැනේ නම් දෙපා ළඟට කර, අත් දෙක පපුව ඉදිරියෙන් එකතු කර බලා සිටින්න.


ව්‍යායාමය 02: පාද ඉහළට එසවීම (The Leg Raise)

Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"

කරන ආකාරය: පැදුරක් මත උඩුබැලි අතට කෙළින් දිගාවන්න. දෑත් ශරීරය දෙපසින් තට්ටම් යටට වන්නට තබාගන්න. දැන් හුස්ම දීර්ඝව ඉහළට ගන්නා ගමන් ඔළුව පපුව දෙසට නමන අතරම, දණහිස් නොනමා දෙපා සෘජුවම අංශක 90ක් ඉහළට ඔසවන්න. තත්පරයක් රැඳී සිට හුස්ම සම්පූර්ණයෙන්ම පහළට හෙළන ගමන් පැරණි තත්ත්වයට පැමිණෙන්න.

ප්‍රතිඵලය: උදරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය වන අතර, කොඳු ඇට පෙළ ශක්තිමත් කර, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වේගවත් කරයි.

ව්‍යායාමය 03: දණහිස් මත නැමීම (The Camel Pose)

Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"

කරන ආකාරය: දණහිස් මත කෙළින් සිටගන්න. දෑත් තට්ටම් (Buttocks) ප්‍රදේශයෙන් පිටුපසින් තබාගන්න. දැන් හුස්ම පිට කරමින් බෙල්ල ඉදිරියට නමා පපුව දෙස බලන්න. ඉන්පසු දීර්ඝ හුස්මක් ගන්නා ගමන් ඔළුව සහ පිටුපස කොන්ද හැකිතාක් පිටුපසට වන්නට වක්‍ර කරන්න (Arch). නැවත හුස්ම පිට කරමින් මුල් අවස්ථාවට එන්න.

ප්‍රතිඵලය: පපුව, බෙල්ල සහ උදර ප්‍රදේශය හොඳින් ඇදීමකට ලක් වන නිසා ශ්වසන පද්ධතිය ශක්තිමත් වේ. ආතතිය දුරු කිරීමට කදිම ව්‍යායාමයකි.


ව්‍යායාමය 04: මේසයක හැඩය ගැනීම (The Tabletop)

Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"
කරන ආකාරය: දෙපා ඉදිරියට දිගු කර බිම කෙළින් වාඩි වන්න. දෑත් තට්ටම් දෙපසින් බිම තබාගන්න (ඇඟිලි ඉදිරිපසට තිබිය යුතුය). දැන් හුස්ම ගන්නා ගමන් දණහිස් නමා, මුළු සිරුරම සහ බඩ ප්‍රදේශය ඉහළට ඔසවා හරියට "මේසයක්" (Table) වැනි පොළවට සමාන්තර හැඩයක් ගන්න. මෙහිදී හිස මඳක් පිටුපසට නමන්න. තත්පරයක් හිඳ නැවත හුස්ම හෙළමින් මුල් වාඩි වූ තත්ත්වයට එන්න.

ප්‍රතිඵලය: අත්, උරහිස් සහ දණහිස්වල මාංශ පේශි ශක්තිමත් වන අතර, සන්ධිස්ථාන (Joints) ශක්තිමත් කර ආතරයිටිස් වැනි රෝගාබාධ වළක්වයි.


ව්‍යායාමය 05: ප්‍රතිලෝම ත්‍රිකෝණය (The Two Dog Poses)


Five Tibetan Rites exercises for anti aging and fitness in Sinhala Andarenews"

කරන ආකාරය: බිම මුනින් අතට දිගාවී දෑත් සහ දෙපා ආධාරයෙන් සිරුර ඉහළට ඔසවන්න. මුලින්ම හුස්ම පිට කරමින් තට්ටම් ප්‍රදේශය ඉහළට ඔසවා සිරුර ඉංග්‍රීසි "V" අකුරේ ප්‍රතිලෝම හැඩයට (Downward Dog) ගන්න. ඉන්පසු හුස්ම ගන්නා ගමන් සිරුර ඉදිරියට සහ පහළට ගෙනවිත්, දණහිස් බිම නොගා පපුව ඉදිරියට කර හිස පිටුපසට කරන්න (Upward Dog).

ප්‍රතිඵලය: මුළු සිරුරේම ලේ ගමනාගමනය (Blood Circulation) උපරිම වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර සිරුරට ක්ෂණික ප්‍රාණවත් බවක් ලබා දෙයි.


ටිබෙට් ව්‍යායාමවලින් ලැබෙන සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිඵල

 Anti-Aging: සමේ රැලි වැටීම පාලනය කර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

ශක්තිය සහ ජවය: දවස පුරාම මහන්සියක් නොදැනී වැඩ කිරීමට අවශ්‍ය කායික සහ මානසික ප්‍රාණවත් බව (Stamina) ලැබේ.

ගැඹුරු නින්ද: මානසික ආතතිය (Stress) අඩු කර රාත්‍රියට සුව නින්දක් ලබා දෙයි.


සාරාංශය

නිරෝගීව සහ තරුණව ඉන්න ජිම් එකේ පැය ගණන් දහඩිය හෙලන්න අවශ්‍ය නැහැ. දිනපතා උදෑසන විනාඩි 10-15ක් වෙන් කරලා මේ ටිබෙට් ව්‍යායාම 5 නිවැරදිව කළහොත්, ඔයාගේ ශරීරයේ සහ මනසේ ඇති වන පුදුමාකාර වෙනස ඔයාටම බලාගන්න පුළුවන්


මෙවැනි වටිනා තොරතුරු දැන ගන්න Andare News - අන්දරේ නිව්ස් සමග රැදී ඉන්න, Share  කරන්න 😊


Post a Comment

Previous Post Next Post