ලක්ෂ එකහමාරක ක්‍රීඩාංගණයක් මැද කෝලි කරපු දේ මෙන්න!



Virat Kohli celebrating with Royal Challengers Bengaluru (RCB) after winning the IPL championship trophy at Ahmedabad stadium.

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ සන්නාමය තමන් බව නැවත වරක් සපථ කරමින්, විරාත් කෝලිගේ (Virat Kohli) විශිෂ්ට පිතිහරඹය හමුවේ අඛණ්ඩව දෙවැනි වරටත් IPL ශූරතාවය තමන් සතු කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමත් විය. අහමදාබාද්හි පැවැති අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායම පරදවමින් RCB ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මුළු ඉන්දියාවම "කෝලි.. කෝලි.." හඬින් ගිනිබත් විය


කණ්ඩායමේ හදගැස්ම: ඇන්ඩි ෆ්ලවර්ගේ උපහාරය

​ජයග්‍රහණයෙන් පසු RCB කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) විසින් විරාත් කෝලි වෙත සුවිශේෂී උපහාරයක් පුද කර තිබුණි. එහිදී ඔහු කෝලිව හඳුන්වා දුන්නේ කණ්ඩායමේ "හදගැස්ම" (Heartbeat) ලෙසයි.

​"විරාත්, ඔබට විශාල අවධානයක් යොමු වන බව මම දන්නවා, එය ඉතා සාධාරණයි. නමුත් මට එය සුළුවෙන් තකන්න බැහැ. මොකද ඔබ මේ ඇඳුම් මාරු කරන කාමරයේ (Dressing Room) සැබෑ හදගැස්මයි." - ඇන්ඩි ෆ්ලවර්

​"Chase Master" ගේ සුපිරි ඉනිම

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 155කට සීමා වූ අතර, ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම කඩුලු 5ක් දැවී තිබියදී ජයග්‍රහණය සනිටුහන් කළේය. සුපුරුදු පරිදි ඉලක්ක හඹායෑමේ දක්ෂයෙකු (Chase Master) වූ 37 හැවිරිදි විරාත් කෝලි, නොදැවී ලකුණු 75ක් රැස් කරමින් තරගය අවසානය තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. ඔහු සිය ඉනිම අවසන් කළේ දර්ශනීය හයේ පහරකින් වීමද විශේෂත්වයකි.

​මෙම තරගාවලිය පුරාම අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ කෝලි, සමස්ත ලකුණු 675ක් රැස් කරමින් මෙවර තරගාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් විය.


ලෝක පූජිත ක්‍රීඩකයන්ගෙන් කෝලිට ප්‍රශංසා

​කෝලිගේ මෙම දක්ෂතාවය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටයෙකු වන සුනිල් ගවස්කාර් (Sunil Gavaskar) අදහස් දක්වමින් කියා සිටියේ, මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී තමන් කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකුද යන්න පෙන්වීමට කෝලි දැඩි රුචිකත්වයක් දක්වන බවයි. ඔහුගේ මානසික ඒකාග්‍රතාවය සහ ජයග්‍රාහී මානසිකත්වය (Winning Mindset) අතිසුපිරි බව ගවස්කාර් වැඩිදුරටත් පැවසීය.

​එමෙන්ම IPL සභාපති අරුන් ධුමාල් (Arun Dhumal) අපූරු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, "විරාත්ට කිසිදු කුසලානයක් අවශ්‍ය නැහැ. ඔහුම විශාල කුසලානයක්" යනුවෙනි.


ගුජරාට් පිටිය මැද RCB ප්‍රේක්ෂක සාගරයක්

​ලක්ෂ එකහමාරකට ආසන්න ධාරිතාවයකින් යුත් අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ සිටි 90,000කට අධික ප්‍රේක්ෂකයින්ගෙන් බහුතරයක් හැඳ සිටියේ කෝලිගේ අංක 18 දරන ජර්සියයි.

​තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසු අදහස් දැක්වූ කෝලි මෙසේ පැවසීය:

​"අපිට තියෙන්නේ හෝම් මැච් (Home games) 7ක් නෙවෙයි, 14ක්ම තියෙනවා. අපි කොහේ ගියත් අපේ රසිකයෝ අපිට උපරිම සහයෝගයක් දෙනවා. අද ගුජරාට් කණ්ඩායමේ නිවස වුණත්, ක්‍රීඩාංගණයෙන් 90%ක්ම හිටියේ RCB රසිකයෝ. ඔවුන්ගේ සහයෝගය මිල කළ නොහැකියි."


මෙවර ජයග්‍රාහී පෙරහැරක් නැත: හේතුව මෙන්න

​පසුගිය වසරේ (18 වැනි උත්සාහයේදී) RCB කණ්ඩායම සිය ප්‍රථම IPL ශූරතාවය දිනාගත් අවස්ථාවේදී බැංගලෝර්හි පවත්වන ලද ජයග්‍රාහී පෙරහැරේදී ඇතිවූ තෙරපීමකින් (Stampede) රසිකයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එම කණගාටුදායක සිදුවීම හේතුවෙන් මෙවර කිසිදු පොදු ජයග්‍රාහී පෙරහැරක් නොපැවැත්වීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර ඇත.

​මේ පිළිබඳව සංවේදී වෙමින් RCB නායක රජත් පටිද(Rajat Patidar) කියා සිටියේ, ජයග්‍රහණයෙන් පසු රසිකයන් අහිමි වීම දැඩි කණගාටුවට කරුණක් බවත්, රසිකයන් යනු තමන්ගේම පවුලේ සාමාජිකයන් වැනි බැවින් මෙවර කුසලානය ඔවුන් වෙනුවෙන් කැප කරන බවත්ය.



Post a Comment

Previous Post Next Post